English   தமிழ்
 
+94812388261

පේරාදෙණිය ශික්ෂණ රෝහල

ශ්‍රී ලංකාවේ ප්‍රමුකතම තෘතීය වෛද්‍ය සේවා සපයන රෝහලක් වන පේරාදෙණිය මහා රෝහල, මහනුවර -කොළොඹ ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය ආසන්නයේ පිහිටා ඇත. පේරාදෙණිය දන්ත රෝහල සහ සිරිමාවෝ බණ්ඩාරනයක විශේෂිත ළමා රෝහලද අප රෝහලට යාබදව පිහිටා ඇත.

වර්ග කිලෝමීටර් 5674 කින් සමන්විත මධ්‍යම පළාත ප්‍රධාන වශයෙන් කඳුකර භූමිභාගයකි. නුවර, නුවරඑලිය හා මාතලේ යන දිස්තික්කවලින් සමන්විත මධ්‍යම පළාතෙහි ජනගහනය 2,421,148 ක් වේ. විවිධ ජනවාර්ගික පසුබිම් සහිත ජනයා මෙම පළාතෙහි වාසය කරන අතර ඒ අතුරින් සිංහල, දෙමළ හා මුවර් යන ජනවර්ග ප්‍රධාන වේ.

පේරාදෙණිය රෝහල 1980 අගෝස්තු මස ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරන ලද්දකි. ඉන්පසු, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ රෝහල් පරිපාලනය සිදුවිය. රෝහලේ සියලු සේවාවන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව නොමිලේ සැපයේ. පේරදෙණිය දන්ත වෛද්‍ය රෝහලද පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා යටතේ පාලනය වේ.

ආරම්භකළ ආවදියේ පටන් මෙම රෝහල මගින් මධ්‍යම පළාතේ ජනතාව හට ද්විතීය හා තෘතීය වෛද්‍ය සේවා සපයන අතර වයඹ, උතුරු මැද සහ සබරගමුව වැනි පළාත්වල රෝගීන්ටද අවශ්‍ය සේවා සපයනු ලැබේ.

අපගේ රෝහල සැම වසරකම නවක වෛද්‍යවරු සඳහා සීමාවාසික පුහුණුව සපයනු ලැබේ. රෝහල් භුමිය තුල පිහිට ඇති වෛද්‍ය කාර්මික රසායනික පුහුණුකිරීමේ පාසැල මගින් එම ක්ෂේත්‍රයට අවශ්‍ය නිලදාරීන් පුහුණු කරනු ලැබේ.

අප රෝහල ඉතා දිගු කාලයක සිට කොළඹ පස්චාත් වෛද්‍ය උපාධි ආයතනය විසින් ඉහලින් පිලිගනුලබන පුහුණු කීර්මේ මධ්‍යස්ථානයක්ද වේ.මෙම රෝහල තුල ශල්‍ය වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, ළමා රෝගවේදය, මනෝ වෛද්‍ය විද්‍යාව , විකලාංග ශල්‍ය වෛද්‍යවේදය , රක්තවේද, ක්ෂුද්‍ර ජීව විද්‍යාව, නිවින්දනවේද, විකිරණ වෛද්‍යවේදය සහ ප්‍රසව සහ නාරිවේදය වැනි අංශවලින් පශ්චාත් වෛද්‍ය පුහුණුව ලබාදේ.

මහාචාර්ය ඒකකය

1980 දී මෙම රෝහල පිහිටවීමෙදී එක් අරමුණ වුයේ පේරාදෙණිය වෛද්‍ය පිඨයේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය ශායනික පුහුණුව ලබාදීම සඳහා අවකාශය ලබාදීමයි.

පේරාදෙණිය රෝහලේ මහාචාර්ය ඒකකය වෛද්‍ය විද්‍යාව, ළමා රෝගවේදය, මනෝ වෛද්‍ය විද්‍යාව, රක්තවේද, ක්ෂුද්‍ර ජීව විද්‍යාව, නිවින්දනවේද, විකිරණ වෛද්‍යවේදය සහ ප්‍රසව සහ නාරිවේදය යන අංශවලින් සමන්විත වේ. මෙම ඒකකය තුල තම ක්ෂේත්‍ර තුල කැපීපෙනෙන දස්කම් දැක්වූ විශේෂඥ වෛද්‍යවරුන් 43 දෙනෙකු සේවය සපයනු ලැබේ. මොවුන් මෙන්ම අතීතයේදී මෙම මහාචාර්ය ඒකකයේ සේවය කල කථිකාචාර්යවරු සහ මහාචාර්යවරු මෙම ඒකකය සහ රෝහල වර්තමාන තත්වයට දියුණු කිරීමට මහත් පරිශ්‍රමයක් දරා ඇත.

අප රෝහලේ ඇති මහාචාර්ය ඒකකය විවිධ ක්ෂේත්‍ර වලදී දේශීය සහ ජාත්‍යන්තර පැසසුමට ලක්ව ඇත. වෛද්‍ය සේවය් උන්නතිය උදෙසා මග පෙන්වන පර්යේෂණ රාශියක් සඳහා මෙම ඒකකය මුල් වී ඇත.

සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
නිමැවුම Enterprise Systems (Pvt) Ltd
go to top
Web Design MymensinghPremium WordPress ThemesWeb Development

Another Recent Event

January 6, 2014January 6, 2014
This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

nteger ligula ipsum, imperdiet sed iaculis

January 6, 2014
Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.