• A A A
  • English   தமிழ்
     
    +94812388261

    සේවා සැපයුම

    පේරාදෙණිය ශික්ෂණ රෝහල තෘතීය වෛද්‍ය සේවා සපයන දිවයිනේ ප්‍රමුක පෙලේ රෝහලකි. එහි ගිලන් ඇඳවල් 900 ක් ඇති අතර වාර්ෂිකව රෝගීන් 70,000 ත් 80,000 අතර ප්‍රමානයකට නේවාසික ප්‍රතිකාර ලබාදේ. වාර්ෂිකව අපගේ බාහිර රෝගී අංශය මගින් රෝගීන් 350,000 කට සේවය සපයන අතර රෝහලේ සායන මගින් රෝගීන් 300,000 පමණ ප්‍රතිකාර ලබා දෙනු ලැබේ.

    රෝහල මගින් සියලුම ප්‍රධාන වෛද්‍ය සේවා සපයනු ලැබේ. වෛද්‍ය සේවා ගුණාත්මකව සහ කාර්යක්ෂමව සැපයීම සඳහා අවශ්‍ය මුලික ප්‍රතිකාර ඒකකයක්, ලේ බැංකුවක්, රසායනාගාර පහසුකම් සහ විකිරනවේදී අංශයක් රෝහල සතුව ඇත. මීට අමතරව EMG සේවා, ECG අංශයක්, භෞත චිකිත්සක ඒකකයක්, වෘත්තීය චිකිත්සක ඒකකයක්,ආයතනික ඖෂධ ගබඩාවක් සහ බෙහෙත්ශාලා, රෝග විනිශ්චයත්මක හා චිකිත්සීය එන්ඩොස්කොපි ඒකකයක්ද පවතී.

    රෝහල සතුව ඇදන් 10 කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්, ඇදන් 03 කින් සමන්විත දන්ත වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක්, නවජ සුති දැඩි සත්කාර ඒකකයක් සහ ධුලකවේද ඒකකයෙහි ඇදන් 03 කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්ද පවතී.

    රෝහල මාසිකව ප්‍රධාන ශල්‍යකර්ම 800 කට අසන්න ප්‍රමානයක් සිදුකරනු ලබයි. රෝහලේ ප්‍රසව ඒකකයෙහි මසකට ළදරු උපත් 600 ක් පමණ සිදුවේ

    රෝහලේ ශ්‍රමකාය 1750 පමණ වේ. වෛද්‍ය පරිපාලකයින් තිදෙනෙක් (අධ්‍යක්‍ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරු දෙදෙනෙක්), වි. වෛද්‍යවරු 52 ක් (ඉන් නිලධාරීන් 43 දෙනෙකු පේරාදෙණිය වෛද්‍ය පීඨයට අනුයුක්තව ඇත), ශේණිගත වෛද්‍යවරු 183, දන්ත ශල්‍ය වෛද්‍යවරු 42 ක්, 594 දෙනෙකුගෙන් සමන්විත හෙද කාර්යමණ්ඩලයක් (හෙද නිලධාරීන්, වාට්ටු භාර පාලක, වාට්ටු භාර ජේෂ්ඨ හෙදියන් සහ සාත්තු සේවා පාලිකාවන්), පවුල් සෞඛ්‍ය සේවිකාවන් 43 ක්, 86 දෙනෙකුගෙන් සමන්විත පරිපූරක වෛද්‍ය කාර්යමණ්ඩලයක්, 100 කට අසන්න කාර්යාලීය කාර්ය මණ්ඩලයක් () සෞඛ්‍ය කාර්ය සහයකයින් 551 ක් (උපස්ථායක සහ සුළු සේවක) සහ අනෙකුත් සේවා ඛන්දයන්ගෙන් 75 දෙනෙකුද (විදුලි කාර්මික, වඩු ශිල්පීන්, රියදුරන් යනාදී) රෝහල් ශ්‍රමකයට අයත් වේ.

    සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
    Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
    නිමැවුම Enterprise Systems (Pvt) Ltd
    go to top
    Web Design MymensinghPremium WordPress ThemesWeb Development

    Another Recent Event

    January 6, 2014January 6, 2014
    doctorpic1This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

    nteger ligula ipsum, imperdiet sed iaculis

    January 6, 2014
    Untitled-3Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.