• A A A
  • English   தமிழ்
     
    +94812388261

    blood

    පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ලේ බැංකුව මගින් දායකයින්ගේ රුධිරය ලබා ගැනීම (ලේ දන්දීමේ වැඩසටහන් මගින්) එම රුධිරය විධිමත් පරීක්ෂාවට ලක් කිරීම (රුධිරය මගින් බෝවිය හැකි රෝගාබාධ සදහා) ගබඩා කිරීමත සහ සංරක්ෂණය කිරීම සිදුවේ.

    වර්ෂ 1981 දී මෙම ලේ බැංකුව ආරම්භ කර ඇත. එවක පටන්ම ලේ බැංකුව මගින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට, පේරාදෙණිය දන්ත රෝහලට, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට, සහ අනෙකුත් ආසන්න රෝහල් වලට අවශ්‍ය රුධිරය ලබා දීමට කටයුතු කරයි.

    මහනුවර මහ රෝහලේ රුධිරය පාරවිලයන පිළිබද විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ, ලේ බැංකු භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම අංශය පවත්වාගෙන යනු ලබන අතර මෙහි සඳහා ඉතා හොදින් පුහුණුව ලද (ජාතික ලේ දන් දීමේ සේවය මගින්) වෛද්‍යනිලධාරීන්, හෙදියන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණික නිලධාරීන්, මහජන සෞඛ්‍ය නිලධාරී මහතුන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවය කරයි.

    අප නිරන්තරයෙන්ම ජාතික ලේ දන් දීමේ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වී කටයුතු සිදුකරයි. විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානය වල සහයෝගයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සිදුකරන ලේ දන් දීමේ සායන වලින් ලේ බැංකුව සදහා අවශ්‍යවන ලේ සාම්පල ලබා ගැනේ.

    අපගේ සේවාවන්:

  • ප්‍රත්‍යයෝපාකාරයක් බලාපොරොත්තු නොවන ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන රුධිර දායකයින් බදවා ගැනීම.
  • විවිධ රුධිර සංඝඨක, එනම් රුධිර පට්ටිකා, රුධිර ප්ලාස්මය, සහ ක්‍රයෝ වැනි සංඝඨක සකස් කිරීම.
  • රුධිර සාම්පලවල HIV හෙපටයිටීස් B, හෙපටයිටීස් C, වැනි රෝගකාරක ඇතිදැයි පරික්ෂා කිරීම.
  • රුධිර ගැලපීම සිදුකර රෝගීන්ට අවශ්‍ය රුධිරය සහ රුධිර සංඝඨක ලබාදීම.
  • ගර්භනී මවුවරුන්ගේ ලේ වර්ගය පරීක්ෂා කිරීම.
  • රෝගීන්ගේ රුධිර ප්ලාස්මාව හුවමාරු කිරීමේ ප්‍රතිකාරය සිදු කිරිම.
  • මහනුවර මහ රෝහල හා එක්ව වකුගඩු බද්ධ කිරිමට බලාපොරොත්තුවන රෝගීන්ගේ HLA සමානාත්මතාවය පරීක්ෂා කිරීම.
  • වෛද්‍ය සිසුන්ට හා වෛද්‍ය රසායනාගාරය තාක්ෂණික සිසුන්ට අවශ්‍ය පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.
  • ජානමය වශයෙන් සමාන රුධිරය (phenotypically matched blood) අවශ්‍ය රෝගීන්ට රුධිර ලබාදීම.
  • සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා නිවැරදිව රුධිර ලබාදෙන අන්දම ඇතුලත් දේශන හා වැඩමුළු සංවිධානය කිරීම.
  • ඔබට උපදෙස්

    අප ඔබගේ ස්වේච්ඡා රුධිර දායකත්වය ඉතාමත් ඉහළින් අගය කරන්නෙමු.ඔබ රුධිරය දන්දීම පිළිබද උනන්දුවක් දක්වන්නේ නම් පහත අකාරයට රුධිරය ලබා දීම සිදුකල හැක.

  • පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ලේ බැංකුව වෙත පැමිණ.
  • පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ලේ ලබාදීමේ වැඩ සටහනක් වෙත සම්බන්දවී. – සායනය පැවැත්වෙන දිනයන් සහ ස්ථානයන්.
  • ඔබ ප්‍රදේශයේ හෝ ආයතනයේ ලේ දන් දීමේ කදවුරක් සංවිධානය කිරීමෙන්.
  • ඔබට මේ පිළිබද වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ලේ බංකුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැක.

  • දුරකථනය – 0094812388261(දිගුව 337/ 573)
  • ඊ මේල් ලිපිනය – bloodbank@paradeniya-hospital.helth.gov.lk
  • සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
    Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
    නිමැවුම Enterprise Systems (Pvt) Ltd
    go to top
    Web Design MymensinghPremium WordPress ThemesWeb Development

    Another Recent Event

    January 6, 2014January 6, 2014
    doctorpic1This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

    nteger ligula ipsum, imperdiet sed iaculis

    January 6, 2014
    Untitled-3Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.