• A A A
  • English   தமிழ்
     
    +94812388261

    childcare

    ළමා රෝග වෛද්‍යවේදය යනු උපතේ සිට යෞවනය දක්වා දරුවන් සඳහා සෞඛ්‍ය සපයන අංශයයයි. වෘත්තීය මට්ටමෙන් ළමා සෞඛ්‍ය සේවාවන් ලබා දීමට අපගේ මහාචාර්ය ඒකකය කටයුතු කරයි.

    අප අංශයේ වාට්ටු අංක 4 ළමයින්ට ඇතිවන කෙටිකාලින රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීමට වෙන්කර ඇති අතර වාට්ටු අංක 5 නිදන්ගත රෝගාබාධ (වකුගඩු රෝග, තැලසිමියා, රුධිර කන්දුකරනය, වකුගඩු බද්ධකිරීම වැනි) සදහා වෙන් කර ඇත.

    අප ඒකකය ළමා වකුගඩු රෝග සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන අතර වකුගඩු අක්‍රීයව පවත්නා ළමයිගේ වකුගඩු වකුගඩු බද්ධ කිරීම ඇතුළු ශල්‍යකර්ම සිදු කරනු ලබයි. ළමා වකුගඩු බද්ධ කිරීම සිදුකරන ශ්‍රී ලංකාව තුල පවතින එකම ඒකකය අප වේ.

    දේශීය සහ විදේශීය උපාධි හා පශ්චාත් උපාධිය අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට මෙම ඒකකය තුලදි පුහුණුව ලබා දේ. මීට අමතරව ළමා කාලයේදී ඇතිවන වකුගඩු රෝග, මුත්‍ර වාහිනීය ආශ්‍රිත රෝග, හෝමෝන පද්ධතිය, වර්ධනය හා සංවර්ධනය, පෝෂණය, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආබාධ මෙනින්ජි පටල ප්‍රදාහය වැනි වැනි රෝග සම්බන්ධ පර්යේෂණ රාශියක් ද මෙම ඒකකය තුල සිදු කරනු ලබයි.

    අපගේ සේවාවන්:

    • රෝගී ළමුන් සඳහා අවශ්‍ය විශේෂිත සත්කාර සේවා ලබාදීම.
    • ළමයින් සදහා හදිසි ප්‍රතිකාර ලබාදීම.
    • බෝවෙන රෝග සදහා ප්‍රතිකාර කිරීම.
    • හිමොෆිලියව රෝගීන් සදහා අවශ්‍යවන සාධක (Factor VIII, IX and X) ලබා දීම.
    • ජාතික ප්‍රතිපත්තින්ට අනුකූලව ළදරුවන් සදහා එන්නත් ලබා දීම.
    • රුමැටික හදවත් රෝග දරුවන් නිරන්තර පරීක්ෂාවට ලක්කර බෙන්සතීන් පෙනසිලීන් එන්නත ලබා දීම.
    • තැලසීමියා රෝගී දරුවන් සදහා රුධිරය ලබා දීම හා වැඩිපුර එකතුවන යකඩ ඉවත් කිරීමේ ප්‍රතිකාරය සිදු කිරීම.
    • නේප්රෝටික් සින්ඩ්‍රෝමය (nephrotic syndrome) සහිත දරුවන්ට විශේෂිත ප්‍රතිකාර ලබා දීම.
    • වකුගඩු බද්ධ කිරීම හා අනුගාමී ප්‍රතිකාර ලබා දීම.
    • වකුගඩු ආබාධ සහිත දරුවන්ගේ රුධිරය කන්දුකරණ කටයුතු සිදුකිරීම.
    • නව ජන්ම දරුවන්ගේ කෙටිකාලී හා නිදන්ගත රෝගාබාධ සදහා ප්‍රතිකාර කිරීම.

    ළමා රෝග වෛද්‍ය සායන:

    පළමු මහල (OPD ගොඩනැගිල්ල ) – සායන කාමර අංක 35 A
    දුරකථන 0812388001 දිගුව 242
    වෛද්‍ය සායනය සඳුදා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය. ආර්.එම්. මුදියන්සේ
    වෛද්‍ය. පැතුම් දිසානායක ***
    අගහරුවදා ප.ව. 01.00 – ප.ව.  04.00 වෛද්‍ය තුෂාර කුඩගම්මන
    බදාදා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය හේෂාන් ජයවීර මයා
    මහාචාර්ය සී.කේ. අඹේසේකර මිය
    බ්‍රහස්පතින්දා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය තුෂාර කුඩගම්මන මයා
    ප්‍රතිශක්තිකරණ  සායනය අගහරුවදා පෙ.ව.08.00 – ප.ව. 12.00 මහාචාර්ය රස්නායක මුදියන්සේ මයා
    ස්ථූලතා සායනය අගහරුවදා ප.ව.01.00 – ප.ව. 04.00 වෛද්‍ය කලුපහන මයා
    නෙප්රොටික් සායනය බ්‍රහස්පතින්දා පෙ.ව.08.00 – ප.ව. 12.00 මහාචාර්ය ඒ. එස්. අබේගුණවර්ධන
    නොමේරු ළදරු සායනය සිකුරාදා පෙ.ව.08.00 – ප.ව. 12.00
    ප.ව. 02.00 ප.ව 04.00
    වෛද්‍ය හේෂාන් ජයවීර
    වෛද්‍ය. පැතුම් දිසානායක
    වෛද්‍ය සන්ධ්‍යා බණ්ඩාර මිය****
    රුමටික් හෘද රෝග  සායනය සෙනසුරාදා පෙ.ව.08.00 – ප.ව. 12.00 මහාචාර්ය රස්නායක මුදියන්සේ
    වකුගඩු රෝග සායනය සඳුදා ප.ව. 02.00 – ප.ව. 04.00 වෛද්‍ය ර්.එස්. තල්ගහගොඩ

    **** Physician will cover the clinic in rotation basis

     

    සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
    Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
    නිමැවුම Enterprise Systems (Pvt) Ltd
    go to top
    Web Design MymensinghPremium WordPress ThemesWeb Development

    Another Recent Event

    January 6, 2014January 6, 2014
    doctorpic1This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

    nteger ligula ipsum, imperdiet sed iaculis

    January 6, 2014
    Untitled-3Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.