English   தமிழ்
 
+94812388261

neos
නවජ සුතික දරුවකු යනු දින 28කට අඩු වයස දරුවකු වන අතර (අසනීපව හා නොමේරූ ළදරුවන් ලෙස ඉපදුන) මෙම දරුවන් රැකබලා ගැනීම හා ප්‍රතිකාර කිරීම නවජ සුති දැඩි සත්කාර ඒකකය (NICU) හා විශේෂිත ළදරු ඒකකය (SBU) මගින් සිදු කරනු ලැබේ. පසු ගර්භනී සමයේ සති 24 න් පසුව උපදින සියළු ළදරුවන්ට සම්පුර්ණ ස්වාධීන තත්වයට පත්වනතෙක් මෙම ඒකකයේ රැකවරණ වැදගත් වේ

අපගේ නවජ සුති අංශය සතුව ඇදන් 25 ක් පවතින අතර මෙහි ඇදන් 6 ක් දැඩි සත්කාරක අවශ්‍ය ළදරුවන් සදහාත්, 4 ක් වැඩි අවධානය අවශ්‍ය ළදරුවන් සදහාත්, තොටිලි 15 අනෙක් ළදරුවන් සදහාත්, වෙන්ව ඇත. මධ්‍යම පළාතේ නවජන්ම ළදරුවන් සදහා තෘතික සෞඛ්‍ය සෙවා සපයන ආයතනයක් ලෙස අප කටයුතු කරන අතර අප ඒකකය මගින් උතුරු මැද, ඌව, සබරගමුව, පළාත්වල ළදරුවන් සදහා ද ප්‍රතිකාර කරනු ලබයි.

තවද මෙම ඒකකය සතුව නවීන පහසුකම් වලින් සමන්විත ප්‍රතිකාර උපකරණ හා ළදරුවන් සඳහා කෘතීම ස්වශනය ලබාදීම සදහා අවශ්‍ය අධිතාක්ෂණික උපකරණත් අප සතුව ඇත.

මවුකිරි කළමනාකරණ මධ්‍යස්ථානය මගින් මවුකිරි ලබාදීම සදහා මවුවරුන් දිරිමත් කරන අතර අවශ්‍ය සහයෝගය ලබා දේ. මෙම සේවය මගින් දරුවන්ට ඇතිවිය හැකි නේක්‍රොටයිසින් එන්ටරෝ කොලියිටිස් (NEC) තත්වය අවම කර ඇත.

නවජන්ම මරණ අනුපාතය ඉතා අඩුවෙන් සහ ජීවත්වීමේ අනුපාතය ඉතා ඉහළ මටට්මක පවත්වාගෙන යාමට මෙම අංශය සමත්ව ඇත. වර්තමානයේ වසරකට ළදරුවන් 1000 කට වඩා පිරිසක් මෙම ඒකකයට ඇතුලත්ව ඇති අතර 2012 වසරේදී නවජන්ම මරණ අනුපාතිකය සජීවි උපත් 1000 ට 4.2 ක මට්ටමේ පවත්වාගෙන යෑමට හැකි වී ඇත.එමෙන්ම මෙම වසර තුල ජීවත්වීමේ අනුපාතිකය සති 24 -26 අතර ඉපදුන ළදරුවන් 80%, 26-28 අතර ළදරුවන් 90%, 28 -30 ළදරුවන් 100% ලෙස ද පවත්වාගෙන ඇත.

බොහෝමයක් අධි අවධානම් මවුවරුන් අපගේ විශේෂ සත්කාර ඒකකයට යොමු කරන අතර ඔවුන්ගෙන් 20% ම අධි අවධානම් ළදරුවන් ද 7.5% නොමේරූ ළදරුවන්ද බිහි කරයි.

අපගේ සේවාවන්

  • මවුකිරිදීමේ සේවාව
  • මවුවරුන්ට (දරුවන් බලාපොරොත්තුවෙන් පසුවන මව්වරුන්ද ඇතුලත්ව) අවශ්‍ය උපදේශන සේවාව හා දැනුවත් කිරීමේ සේවාවන් ලබාදීම මෙම අංශය මගින් සිදු කරයි. මවුකිරිදීමේ ඉරියව් පුහුණු කිරීම හා මවුකිරිදීමේ අභියෝග වලට විසදුම් ලබාදීම ඒ අතර ප්‍රධාන වේ.

    දුරකථන 081238001 දිගුව 275

  • මාතෘ හා ළදරු ඒකකය
  • නිරන්තර විපරම් කළයුතු දරුවන් සදහා ඇදන් 8 ක පමණ ප්‍රමාණයකින් මෙම ඒකකය සමන්විත වේ.මෙම ඒකකය තුල මවුවරු හා දරුවන්ට නිවාසමෙන් හැගෙන පරිසරය ලබා දි ඇත.

  • කැන්ගරු ඒකකය
  • ඉතා අඩු උපත් බර හා නොමේරූ දරුවන් මෙම ඒකකය තුල සිටි.මෙම ඒකකය තුල සිටින මවුවරු තම දරුවන් කැන්ගරු ඉරියව්වෙන් තබා ගෙන සිට.නවජන්ම දැඩි සත්කාරක ඒකක ප්‍රතිකාර කරනු ලැබූ සියලුම දරුවන් මෙම කැන්ගරු ඒකකයට මුදාහරින අතර මවුවරුන්ට තම දරුවා නිවසේදී රැකබලා ගන්නා ආකාරය හා මවුකිරි දීම පිළිබදව පුහුණු කිරීම කාර්ය මණ්ඩලය මගින් සිදුකරයි.

  • පසු විපරම් ප්‍රතිකාර
  • නවජන්ම දැඩි සත්කාර ඒකකය ප්‍රතිකාර ලැබු නොමේරූ හා අලුත උපන් දරුවන්ට නවජන්ම කාලයේදී තවදුරටත් ප්‍රතිකාර ලබා දෙමින් පසු විපරම් සිදුකෙරේ.

     

    නොමේරු ළදරු සායනය

    පළමු මහල (OPD ගොඩනැගිල්ල ) – සායන කාමර අංක 35 A
    දුරකථන 0812388001 දිගුව 242

    නොමේරු ළදරු සායනය

    බ්‍රහස්පතින්දා ප.ව. 01.00 – ප.ව.  04.00 වෛද්‍ය සන්ද්‍යා බණ්ඩාර මිය
    සිකුරාදා ප.ව. 01.00 – ප.ව.  04.00

     

    සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
    Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
    නිමැවුම Enterprise Systems (Pvt) Ltd
    go to top
    Web Design MymensinghPremium WordPress ThemesWeb Development

    Another Recent Event

    January 6, 2014January 6, 2014
    This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

    nteger ligula ipsum, imperdiet sed iaculis

    January 6, 2014
    Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.