- අපස්මාරය, චල්‍ය ආබාධ, මල්ටිපල් ස්කෙල්රෝසිස් රෝගය, පාකින්සන්ස් රෝගය සහ ස්නායු පද්ධතිය ආශ්රිත අසාදන සහිත රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම
- මොලයේ සිදුවන තාවකාලික රුධිර ගැලීම් අවහිරතා නිසා මුලික ප්‍රතිකාර අංශය ඇතුලත් වන රෝගීන්ට අවශ්‍ය විශේෂඥ ප්‍රතිකාර ලබා දීම.
- ආඝාත ඒකකය (stroke unit) – ආඝාතය පවතින රෝගීන්ගේ රෝග තත්වය නිර්ණය කිරීම සහ මුලික පුනුරුත්තාපන සිදුකිරීම.
- ස්නායු ආබාධ, හිසරදය සහ මොලයට සිදුවන රුධිරය ගැලීම අවහිරතා (TIA) පිළිබඳ සායනය පැවැත්වීම.
- ක්ෂණික ආඝාතය සිදුවන අවස්ථාවලදී එම තත්ත්වය රුධිර කැටිය හිරවීමක් සිදු වන්නේනම් එම රුධිර කැටිය දියකර හරිමින් ප්‍රතිකාර ලබා දීම නොබෝ දිනකින් ආරම්භ කිරීමට සැලසුම් සකසා ඇත.
ස්නායු පද්ධතිය සම්බන්ධ ආබාධ හදුනාගැනීම සහ එම රෝගවලට ප්‍රතිකාර කිරීම මෙම අංශය මගින් සිදුකරනු ලැබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ස්නායු වෛද්‍ය ඒකකය ස්ථාපනය කරනු ලැබුවේ කිර්තිමත් ජේෂ්ඨ මහාචාර්ය නිමල් සේනානායක මහතා විසිනි.
මුලික ප්‍රතිකාර අංශය හරහා මෙම ඒකකයට ඇතුලත් වන ස්නායු අබාධ සහිත රෝගීන්, විශේෂඥ වෛද්‍යවරු විසින් යොමු කරන රෝගීන්ට හා වෙනත් රෝහල් වලින් ද යොමු කරන රෝගීන්ට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබාදී මෙම අංශයේදී සිදුකරනු ලැබේ. අප ඒකකයට අනුබද්ධිත ස්නායු සායනය මගින් රෝගීන්ට අවශ්‍ය සායනික ප්‍රතිකාර ලබාදෙනු ලැබේ.
රෝගීන්ට අවශ්‍ය MRI , CT ස්කෑන් ඊ.ඊ.ජී. පරීක්ෂණ මහ නුවර මහ රෝහල සහ සිරිමාවෝ බණ්ඩාරනායක රෝහල හා සම්බන්ධ වී සිදුකර ගැනීමට අවකාශ සලසා ඇත. ස්නායු ශල්‍යකර්ම අවශ්‍ය රෝගීන් සදහා මහනුවර මහ රෝහල යොමු කරනු ලැබේ.
ස්නායු වෛද්‍ය අංශයට අනුබද්ධිතව මනා පුහුණුව ඇති විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළුව කාර්ය මණ්ඩලයක් සේවය කරන අතර අපස්මාරය මල්ටිපල් ස්කෙල්රෝසිස් රෝගය, චල්‍ය ආබාධ, පාකින්සන්ස් රෝගය, ස්නායුගත ආබාධ නිසා ඇතිවන දෘෂ්ටි රෝග, නිදන්ගත හිසරදය, ගැටිති සහ ස්නායු පද්ධතිය ආශ්රිත ආසාදන වැනි රෝග සදහා පරීක්ෂාව, ප්‍රතිකාර කිරීම සහ පුනුරුත්තාපන සිදුකරයි.
අපගේ සේවාවන් :
ස්නයුවේද සායනය
පළමු මහල (OPD ගොඩනැගිල්ල ) – සායන කාමර අංක 1 දුරකථන 0812388001 දිගුව 239 |
|||
---|---|---|---|
ස්නායුවේද සායනය | අගහරුවදා | පෙ.ව.08.00 – ප.ව. 12.00 | වෛද්‍ය නදී රත්නායක මිය |
හිසරදය පිලිබඳ සායනය | අගහරුවදා | පෙ.ව.08.00 – ප.ව. 12.00 | |
පළමු මහල – වාට්ටු අංක 12 දුරකථන 0812388001 දිගුව 312 |
|||
TIA සායනය ** | සඳුදා සිට සිකුරාදා | පෙ.ව.10 .00 – ප.ව. 12.00 | වෛද්‍ය නදී රත්නායක මිය |
* අංශභාගය හෝ TIA රෝග පිලිබන්ධ ලක්ෂණ ඇති රෝගීන් (හදිසියේ ඇතිවෙන මුහුණේ හෝ අත් පා වල පණ අඩු වීම සහ කතා කිරීමේ දුර්වලතා) වහාම රෝහලේ මුලික සත්කාර ඒකකය වෙත පැමිණිය යුතුයි. මුලික සත්කාර ඒකකය මගින් මෙම රෝගීන් සඳහා වි. වෛද්‍ය උපදෙස් හා ඉදිරි කටයුතු සඳහා මෙම සායනය වෙත යොමු කරනු ලැබේ.





නිමැවුම Enterprise Systems (Pvt) Ltd
