English   தமிழ்
 
+94812388261

med

රෝගීන් ඇතුලත් වීමෙන් පසු ප්‍රථමයෙන් ප්‍රතිකාර ලබාගන්නා ස්ථානය ප්‍රාථමික රෝගී අංශය ලෙස හදුන්වයි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය මගින් රෝහලට තුලත් කරන වයස අවුරුදු 14 වැඩි සියලුම රෝගීන් සදහා කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය සහ හදිසි අනතුරු සදහා ප්‍රතිකාර මෙහිදී ලබාදේ.

වයස අවුරුදු 14 වඩා අඩු දරුවන් සහ ප්‍රසව හා නාරිවේදය රෝග සම්බන්ධ කාන්තාවන් සාමාන්‍යයෙන් මෙම ඒකකයට ඇතුලත් නොකර අදාළ වාට්ටු වෙත යොමු කරයි.

මෙම අංශයේ ප්‍රතිකාර කිරීමේ කටයුතු බාහිර රෝගී අංශයේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරියත්, රෝහලේ සියලුම වාට්ටු වල එදිනෙදා කැදවීමේ නියෝග මත සිටින විශේෂඥ වෛද්‍යවරුන්, මෙම ඒකකයේ වෛද්‍යවරුන්, හෙද නිලධාරින් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මගින් ඉටු කරනු ලැබේ.

ප්‍රාථමික සත්කාර ඒකකය සියලුම හදිසි අවස්ථාවන් සඳහා සේවය සැපයීමට පැය 24 පුරාවටම සුදානමින් සිටින අතර ඒ සඳහා අවශ්‍ය සියලුම නවීන උපකරණ අප අංශය සතුය.

මෙම ඒකකයට ඇතුලත් වන සියලුම රෝගීන් සදහා අවශ්‍ය E.C.G. පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ, X කිරණ පරීක්ෂණ, ලබා ගැනීමේ පහසුකම් ඇත.

ඒකකයේ පරිපාලන කටයුතු බාහිර රෝගී අංශයේ කාර්ය භාරය වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදු කරන අතර රෝහල් අධ්‍යක්‍ෂවරයා සහ ප්‍රථමික සත්කාර ඒකකයේ පාලන කමිටුව ඒ සදහා සහය දක්වයි.

මෙම ඒකකයට ඇතුලත් වන සෑම රෝගියෙක්ම වෛද්‍ය නිලධාරියෙකු විසින් පරීක්ෂාවට ලක් කරන අතර ඔවුන්ගේ තත්වය හා බරපතලකම වර්ගීකරණයට ලක් කර (triage) හදිසි රෝගීන් සදහා ප්‍රමුකත්වය ලබා දේ .මෙම අංශයට ඇතුල්වන රෝගීන්ගේ බහුතරයක් ප්‍රතිකාර ලබා දීමෙන් පසු මුදාහරින අතර දිගුකාලීන ප්‍රතිකාර අවශ්‍යවන රෝගීන් ඒ සදහා විශේෂිත වූ සායන වලට යොමු කිරීම සිදු වේ.

යම්කිසි රෝගියෙකුට විශේෂිත හදිසි ප්‍රතිකාර අවශ්‍යනම් අදාළ රෝගියා එම ක්ෂේත්‍රයේ ප්‍රවීන විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කර බලා කායික රෝග වාට්ටුවට ඇතුලත් කර ගනු ලැබේ. ශල්‍යකර්ම හෝ අනෙකුත් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය ශල්‍ය රෝගීන් ඉරිදා හැර අනෙකුත් දිනවල මහනුවර මහ රෝහලේ ශල්‍ය රෝගී අංශය වෙත මාරුකර යැවීම සිදු කෙරේ.

අපගේ සේවාවන්:

  • හදිසි ප්‍රතිකාර අවශ්‍යවන රෝගීන් සදහා මුලික ප්‍රතිකාර ලබා දී රෝගියා ස්ථාවර තත්වයට පත් කිරීමයි.
  • නියමිත වාට්ටුවට ඇතුලත් කිරීමට පෙර වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය අවදානම් තත්ව වලට ප්‍රතිකාර ලබාදීම.
  • රෝගීන්ට අවශ්‍යවන කුඩා ශල්‍ය කටයුතු සිදුකිරීම එනම් කැපුම් තුවාලවලට මැහුම් දැමීම, උරස් කුහරය තුල එකතුවන තරල ඉවත්කිරීම කිරීම සදහා බට දැමීම (chest drain), මුත්‍ර අඩස්සිය සඳහා ප්‍රතිකාර කිරීම (catheterization) ආදියයි.
  • සුනඛයන් සහ අනෙකුත් සතුන් සපාකෑම සදහා ජල භීතිකා ප්‍රතිකාර ලබාදීම.
  • උණ සහිත රෝගීන් රදවාගෙන පරීක්ෂා කිරීම.
  • පාලනය නොවන දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ ඇදුම ආදී රෝගයන් ආශ්‍රිත හදිසි අවදානම් තත්ත්වයන්වලට අවශ්‍ය මුලික ප්‍රතිකාර ලබා දීම
  • රෝගීන් උපදෙස්:

  • රෝහලට ඇතුලත්වන රෝගීන්ට ප්‍රමාදයකින් තොරව, ගුණාත්මක අංග සම්පුර්ණවූ ප්‍රතිකාර ලබාදීම අපගේ ඉලක්කය වේ.
  • මෙහිදී කායික වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය සහ හදිසි අවස්ථා වලට ප්‍රමුකත්වය ලබා දේ.
  • මෙම අංශය මගින් දවසේ පැය 24 පුරාම එමෙන්ම වසරේ දින 365 පුරාම රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සිදුකෙරේ. හෘදයාබාධ, ආඝාතය, සිහිමුර්ජා වීම, කම්පනය තත්ත්ව, හුස්ම ගැනීමේ අපහසුතා , උදර වේදනාව, වැනි තත්වයන් මෙම අංශය වෙත යොමු කෙරේ. මෙම තත්වයන් සදහා වෛද්‍යමය ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් රෝහලට ඇතුලත් කරගන්නා අතර ශල්‍යකර්ම සදහා පැමිණෙන රෝගීන් ඇතුලත් කරගනු ලබන්නේ ඉරිදා දිනවල පමණි.
  • හදිසි අක්ෂි ආබාධ සහිත රෝගීන් අප විසින් ඇතුලත් කරගනු නොලැබේ.
  • විෂ ශරීර ගත වීම සහ සර්ප දෂ්ඨනය හේතුවෙන් ඇතුලත් කර රෝගීන් මෙම ඒකකයට ඇතුලත් කර නොගන්නා අතර එම රෝගීන් ධූලකවේද අංශයට යොමු කෙරේ.
  • මෙම ඒකකය තුල රෝගියා රදවා ගන්නේ උපරිම වශයෙන් පැය 24 පමණක් වන බැවින් මෙම අංශය මගින් රෝගියාට ආහාර පාන ලබාදීම සිදු නොකරයි.
  • සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
    Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
    නිමැවුම Enterprise Systems (Pvt) Ltd
    go to top
    Web Design MymensinghPremium WordPress ThemesWeb Development

    Another Recent Event

    January 6, 2014January 6, 2014
    This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

    nteger ligula ipsum, imperdiet sed iaculis

    January 6, 2014
    Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.