• A A A
  • English   தமிழ்
     
    +94812388261

    psychiatry

    මානසික රෝග, අසාමාන්‍ය හැසිරීම් සහ චිත්තවේග බාධාවීම් වැනි මානසික තත්වයන් පිළිබද අධ්‍යනය කිරීම, රෝග හදුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම මෙම අංශය මගින් සිදුකෙරේ.

    මනෝ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුව වර්ෂ 1971 දී පේරාදෙණිය වෛද්‍ය පිඨයේ ස්ථාපනය කොට ඇත. කීර්තිමත් මනෝ වෛද්‍යවරයෙක් වූ මහාචාර්ය එම්.ඒ.ඒ.රොද්‍රිගෝ මහතා විසින් ශ්‍රී ලංකාවේ පළමු මනෝ වෛද්‍ය ඒකකය මහනුවර මහ රෝහලේ දි ස්ථාපනය කර ඇති අතර ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රථම අංශ ප්‍රධානියාද විය.

    මෙම අංශය මගින් අප වෛද්‍ය උපාධි අපෙක්ෂ අපේෂිකාවන්ට හා පශ්චාත් උපාධි අපෙක්ෂ අපේෂිකාවන්ට සායනික පුහුණුව ලබාදීම සහ විවිධ පර්යේෂණ නියැලීම සිදුකරන අතර රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමද ප්‍රමුකතම කාර්යයක් වේ.

    මෙම ඒකකය මගින් මධ්‍යම පළාතේ සිටින විවිධ මානසික ආබාධ වලට ලක්වූ රෝගීන් සදහා ඉක්මන් ප්‍රතිකාර හා පුනුරුත්තාපන සේවාවක් ලබා දෙනු ලැබේ. ඊට අමතරව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය භාවිතය, සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවයන් සහ ඒවා වැලක්වීම, ප්‍රජා සහ මානසික සෞඛ්‍ය මැදිහත් වීම්, විවිධ වු ලිංගික ආබාධ සදහා මනෝ වෛද්‍යමය ප්‍රතිකාර ලබාදීම සහ මානසික රෝග වලට ලක් වුවන් පුනුරුත්තාපනය වැනි ක්ෂේත්‍ර පිළිබඳව පුළුල් අධ්‍යනයන් සිදුකරනු ලැබේ.

    රෝහල් සේවාව:

    අප අංශය මගින් මධ්‍යම පළාතේ මානසික රෝගීන්ට මනෝ ප්‍රතිකාර සහ පුනුරුත්තාපන සේවාවන් ලබා දීම සිදු කරනු ලැබේ. මනෝ ප්‍රතිකාර ලැබේ දීම සඳහා අප ඒකකය සතුව වාට්ටු 3 (වාට්ටු අංක 6, 9 සහ 12) අප සතුව ඇත.

    මෙම අංශය සතුව විශේෂඥ වෛද්‍යවරු 5 දෙනකුත් පශ්චාත් උපාධි සදහා පුහුණුවන වෛද්‍යවරුන්, හෙද සොයුරියන් 2 කුත් , හෙද නිලධාරින් 30 දෙනෙකු පමණත්, වෘත්තීය චිකිත්සකවරියන් 2 කුත්, මනෝ වෛද්‍ය සමාජ සේවකයෙකුත්, හෙද සහායකවරුන් 20 ක් පමණද සිටි.

    අපගේ සේවාවන්:

    01. මානසික ආබාධ සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම.
    02. ස්නායුක මනෝ විද්‍යාව සම්බන්ධ දරුවන්ට හා වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීම.
    03. වෘත්තීය චිකිත්සක ඒකකය, මනො වෛද්‍ය උපදේශක සහ මනො වෛද්‍ය සමාජ සේවක කණ්ඩායම්වල සහයෝගය ලබා ගනිමින් අප,

    • මධ්‍යසාර වලට යොමු වුවන් පුනුරුත්තාපන කිරීමත්
    • සමාජ භීතිකාව සහ අනෙකුත් මානසික අබාධ සදහා කණ්ඩායම් ප්‍රතිකාර සිදුකිරීමත්
    • මානසික අවපිඩනය, කෑම ගැනීමේ අපහසුතා, පෞරුෂ සංවර්ධනයේ දුර්වලතා සහ ග්‍රස්ථිය නිවුරෝසියාව වැනි රෝගාබාධ සදහා ප්‍රතිකාර කිරීමේත්
    • වෘත්තීය හැකියාවන් සංවර්ධනය කරමින් එදිනෙදා කටයුතු සදහා රෝගීන්ට හැකියාව ලබාදීමේ කණ්ඩායම් ප්‍රතිකාර ඉටුකිරීමත් කරනු ලැබේ.

     

    මනෝ වෛද්‍ය සායන

    පළමු මහල (OPD ගොඩනැගිල්ල ) – සායන කාමර අංක 2
    දුරකථන 0812388001 දිගුව 240
    වැඩිහිටි මනෝ වෛද්‍ය සායන සඳුදා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය ජී.එස්.එස්.ආර්. ඩයස්
    බදාදා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය පබාසිරි ගිනිගේ මිය
    බ්‍රහස්පතින්දා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය තිලිණි රාජපක්ෂ මිය
    සිකුරාදා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය ඩී. ආරියසිංහ
    ලිංගික මනෝ වෛදය සායනය සඳුදා ප.ව. 02.00 – ප.ව. 04.00 වෛද්‍ය ජි.එස්.එස්.ආර්. ඩයස්
    මානසික මන්ද වර්ධනය පිලිබඳ සායනය අගහරුවදා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය පබාසිරි ගිනිගේ මිය
    මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පිලිබඳ සයනය බදාදා ප.ව. 02.00 – ප.ව. 04.00 වෛද්‍ය දේවස්මිකා ආරියසිංහ මිය
    ළමා මනෝ වෛදය සායනය සිකුරාදා ප.ව. 02.00 – ප.ව. 04.00 වෛද්‍ය පබාසිරි ගිනිගේ මිය
    ක්ලොසපින් (Clozapine) සායනය සෙනසුරාදා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය ජි.එස්.එස්.ආර්. ඩයස්

     

    සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
    Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
    නිමැවුම Enterprise Systems (Pvt) Ltd
    go to top
    Web Design MymensinghPremium WordPress ThemesWeb Development

    Another Recent Event

    January 6, 2014January 6, 2014
    doctorpic1This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

    nteger ligula ipsum, imperdiet sed iaculis

    January 6, 2014
    Untitled-3Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.