• A A A
  • English   தமிழ்
     
    +94812388261

    toxicology

    ඖෂධ වර්ග,විෂ රසායනික (පාරසරික හෝ වෘත්තීය මට්ටමේදී නිපදවන), ජෛයිවිය රසායනික ද්‍රව්‍ය ශරීරගතවී යන තත්වයන් හදුනාගැනීම හා ඒ සඳහා ප්‍රතිකාර කිරීම ධුලකවේද අංශයය මගින් සිදු කරනු ලැබේ.

    මෙම රෝහලේ ධුලකවේද අංශය සතුව ඇදන් 40 ක (පිරිමි සහ ගැහැණු) වාට්ටුවක් පවතින අතර එයට අනුබද්ධිතව ඇදන් 3 කින් යුතු දැඩි සත්කාර ඒකකයක් ඇත.මෙම අංශයේ විශේෂඥ වෛද්‍යවරයකු, වෛද්‍ය නිලධාරින් 8 දෙනකු, හෙද කාර්ය මණ්ඩලය 16 දෙනකු සහ සහයක කාර්යමණ්ඩලයේ 10 දෙනකු සේවය කරයි.

    ඖෂධ වැඩි මාත්‍රාවක් ශරීරගතවීම සහ විෂවීම, කෘමිනාශක හා රසායනික ද්‍රව්‍ය විෂ වීම, සර්ප හා කෘමි දෂ්ඨනවලදී ප්‍රතිකාර කිරීම මෙම අංශ මෙගින් ඉටුකෙරේ. ඊට අමතරව ධුලකවේදය පිළිබඳව තොරතුරු සපයන හා පර්යේෂණ සිදුකරන දිවයිනේ ප්‍රමුකතම මධ්‍යස්ථානයක් ලෙසත් මෙම අංශය හැදින්විය හැක.

    අපගේ සේවාවන්:

    • සියලුම විෂවීම් තත්වයන් සඳහා ප්‍රතිකාර ලබාදීම සහ අනුගාමී සේවා ලබාදීම
    • රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාදීම.
    • විෂවීම් සහ සර්ප දෂ්ඨනය /කෘමි දෂ්ඨනය සදහා සතියේ දින 7 ම පැය 24 පුරාම ප්‍රතිකාර හා තොරතුරු සැපයීම.
    • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සිසුන් සදහා සායනික පුහුණුව ලබාදීම.
    • දකුණු ආසියාතික සායනික ධුලකවේද පරීක්ෂණ සහයෝගීතා සංවිධානය (SACTRC) සමග සම්බන්ධ වී ධුලකවේදය ආශ්‍රිත පර්යේෂණ සිදුකිරීම.

    මහජනතාවට උපදෙස්

    • කෘමිනාශක ශරීරගත වීම
    • කෘමිනාශක (මදුරු දගර, රන් රැට් කැට ආදිය), රසායනික ද්‍රව්‍ය, හයිඩ්‍රෝකාබනික සංයෝග (භූමිතෙල්, ඩීසල්, පෙට්‍රල් ආදිය) හා ඖෂධ වර්ග නිරන්තරයෙන් දරුවන්ට සහ මානසික අවපීඩනයට ලක්වූවන්ට හසු නොවන ආකාරයට ගබඩා කරතබන්න.
    • කෘමිනාශක,රසායනික ද්‍රව්‍ය ආදිය ගබඩා කිරීම සදහා නිවසේ නිරන්තයෙන් භාවිතාවන බදුන්වලට සමාන බදුන් තෝරාගැනීමෙන් වැලකීන්න. බොහෝවිට මෙවැනි අවස්ථා වලදී විෂ ද්‍රව්‍ය අතපසූවීමෙන් ශරීරගත වියහැක.
    • කෘමිනාශක භාවිතාවේදී ආරක්‍ෂිත පියවර අනුගමනය කිරීම සහ ගොවින් ඒ පිළිබදව දැණුවත් කිරීම (මුඛ ආවරණ, බුට්ස් භාවිතය සහ ආරක්‍ෂිත ඇදුමක් ඇදීම) මගින් විෂ ශරීරගත වීම වලක්වාගත හැක.
    • කෘමිනාශක සහ බෝතල් ආදිය නිවසින් පිටත ආරක්‍ෂිත ස්ථානයක අගුළුදමා හෝ වලලා තබන්න.
    • විෂ ශරීරගත වීමකදී බලෙන් වමනය කරවීම සුදුසු නොවේ.
    • විෂ ශරීරගත වී මුල් පැය 2 ක තුලදී පමණක් ආමාශ ධෝවනය හෝ සක්‍රිය කාබන් ප්‍රතිකාර ලබා දිය හැක.
    • ඇදුම්වල කෘමිනාශක තැවරී ඇත්නම් ඒවා ගලවා ඉවත්කිරීම සහ සමේ තැවරී ඇත්නම් සෝදා හැරීම ඉතා ඉක්මනින් කල යුතුසිදුකරන්න.
    • සිහිමඳ තත්ත්වයේ පසුවන රෝගීන් අමාශ ධෝවනයට ප්‍රථමයෙන් අනාලනය කල යුතුය (INTUBATION).
    • සර්ප දෂ්ඨනය
    • සර්ප දෂ්ඨනය සිදුවූ ස්ථානයට ඉහළින් ගැට ගැසීමෙන් වලකින්න.
    • එම ස්ථානය පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.
    • රෝගියා රෝහල්ගත කරනතෙක් සර්ප දෂ්ඨනය සිදු වූ ස්ථානය හැකි පමණ නොසොල්වා තබාගන්න.
    • දේශිය හෝ ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් වලකින්න.
    • දෂ්ඨ කල සර්පයා හදුනාගැනීම ප්‍රතිකාර කිරීම සදහා වැදගත්වේ.
    • රෝගියා ධුලකවේද අංශයට මාරුකර යැවීමට පෙර ප්‍රතිවිෂ ශීරණ (AVS) ලබාදීම ඕනෑම තෘතික සේවා සපයන රෝහකදී ආරම්භ කලහැක.
    • මෙවැනි රෝගීන් හැකි ඉක්මනින් රජයේ රෝහලක ප්‍රතිකාර සදහා යොමු කළයුතු අතර ඉතා ඉක්මනින් ප්‍රතිවිෂ ශීරණ (AVS) ලබා දීමෙන් සුවකරගැනීමේ හැකියාව වැඩි වේ.
    • හයිඩ්‍රෝකාබන් (පෙට්‍රල් හෝ භූමිතෙල්) පිලිස්සුම් කාරක (අම්ල හා භෂ්ම) ශරීරගත වීම
    • ආමාශ ධෝවනය නොකළ යුතුය.
    • බලෙන් වමනය සිදු නොකළ යුතුය.
    • හිතාමතා විෂ ශරීර ගත කරගත් රෝගීන් ප්‍රතිකාර සම්පුර්ණ කර රෝහලේන් මුදාහැරීමට පෙර අනිවාර්යයෙන්ම මනෝ වෛද්‍යවරයකුගේ පරීක්ෂාවට යොමු කරනු ලැබේ

     

    ධුලකවේදය සායනය

    පළමු මහල (OPD ගොඩනැගිල්ල ) – සායන කාමර අංක 1
    දුරකථන 0812388001 දිගුව 239
    ධුලකවේදය සිකුරාදා ප.ව. 02 .00 – ප.ව. 04.00 මහාචාර්ය ගවරම්මන මයා

     

    සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
    Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
    නිමැවුම Enterprise Systems (Pvt) Ltd
    go to top
    Web Design MymensinghPremium WordPress ThemesWeb Development

    Another Recent Event

    January 6, 2014January 6, 2014
    doctorpic1This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

    nteger ligula ipsum, imperdiet sed iaculis

    January 6, 2014
    Untitled-3Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.