පරිත්‍යාග
පේරාදෙණිය රෝහල 1980 අගෝස්තු මස ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරන ලද්දකි. රෝහල් පරිපාලනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදුවන අතර සියලු සේවාවන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තීන්ට අනුකුලව නොමිලේ සැපයේ.
අප රෝහල මගින් විවිධ රෝග තත්වයන්ට ලක්වූ රෝගීන් රාශියකට නොමිලේ සෞඛ්‍ය සේවා සපයනු ලබයි. විවිධ වයස් කාණ්ඩවලට අයත් මෙම රෝගීන් සදහා සත්කාර නියමිත පරිදි සැපයීමේදී විවිධ සම්පත් අවශ්‍ය වේ.
මෙම අවශ්‍යතා සපුරාලීමට ඔබේ කාරුණික දායකත්වය ලබාදීම මගින් ඔවුන්ගේ ජීවිතය නව ආලෝකයක් ලබාදිය හැකිවේ.
මුලික වශයෙන් පරිත්‍යාග ලබාදිය හැකි ක්‍රම 2 ක් පවතී,
පරිත්‍යාග ලබාදිය හැකි ක්‍රම
පොදු ප්‍රදාන
මෙම ප්‍රදාන රෝගීන්ගේ සුබසාදන කටයුතු සඳහා යොදා ගැනේ. පොදු ප්‍රදාන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රෝහල් සංවර්ධන කමිටුවේ ගිණුමට ඍජුවම බැර කළහැකිය.
රෝහල් සංවර්ධන කමිටුවේ ගිණුම් විස්තර.
ජ.ගි. අංක 1274524
ලංකා බැංකුව
පේරාදෙණිය ශාඛාව
සැලකිය යුතුයි : ඔබ මුදල් තැන්පත් කල පසු තැන්පත් කිරීමේ කුවිතාන්සියේ පිටපතක් අපට ලැබීමට සලස්වන්නේ නම් ඉදිරි කටයුතු පහසු වේ.
විශේෂ කටයුත්තක් සදහා පරිත්‍යාග කිරීම
රෝහලේ ඇති විශේෂය් ව්‍යාපෘති පිලිබඳ විස්තර රෝහල් අධ්යක්ෂ හෝ නි. අධ්යක්ෂ මගින් ලබාගත හැකිය.
දුරකථන
අධ්යක්ෂ – 081238801(ඍජු දුරකථනය), 812388001 දිගුව 200
නි .අධ්යක්ෂ – 0812387383 (ඍජු දුරකථනය), 812388001 දිගුව 201
ඊ. මේල් – info@peradeniya-hospital.health.gov.lk
ලිපිනය – ශික්ෂණ රෝහල, පේරාදෙණිය
නිමැවුම Enterprise Systems (Pvt) Ltd