English   தமிழ்
 
+94812388261

Laboratory-Service

පේරාදෙණිය ශික්ෂණ රෝහල මගින් සේවය සපයන රෝගීන් සදහා අවශ්‍ය පරීක්ෂණ වාර්තා ගුණාත්මකවත් නිවරදිවත් කලට වෙලාවටත් ලබදීම අප අංශයේ පරමාර්ථයයි.

මෙම රෝහලේ රසායනාගාර සේවාව වර්ෂ 1980 දී ස්ථාපනය කර ඇති අතර වර්තමානයේ රෝහල වටා පිහිටි අනෙකුත් රෝහල් වලටද අවශ්‍ය රසායනාගාර සේවාව සැපයීම සිදුකරයි. රෝහල් රසායනාගාරය පේරාදෙණිය වෛද්‍ය පිඨය සමග සහයෝගයෙන් කටයුතු කරන අතර, මෙම අංශයේ සිටින සියලුම විශේෂඥ වෛද්‍යවරුන් පේරාදෙණිය වෛද්‍ය පිඨයේ ව්‍යාධිවේදය සහ ක්ෂුද්‍රජීව විද්‍යා දෙපාර්තමේන්තුවලට අනුයුක්තව සිටියි.

රෝහලේ රසායනාගාරය ප්‍රධාන අංශ 5 කින් සමන්විත වේ.

  • රක්තවේද අංශය
  • ජෛව රසායන අංශය
  • ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශය
  • පටක ව්‍යාධිවේදී අංශය
  • සායනික ව්‍යාධිවේදී අංශය

වෛද්‍ය සහ වෛද්‍ය රසායනාගාර කාර්මික සිසුන් පුහුණු කිරීම මෙම අංශය තුල සිදුවේ. මෙම අංශය ශ්‍රී ලංකාවේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතන විසින් ව්‍යාධිවේදය, රක්තවේද හා ක්ෂුද්‍රජීව විද්‍යා ධාරා සඳහා පශ්චාත් වෛද්‍ය උපාධි පුහුණු සලසන ආයතනයක් ලෙස ඉහළ පිළිගැනීමකට ලක් කර ඇත.

අපගේ සේවාවන්

  • මෙම අංශය මගින් රක්තවේදය, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ පටක ව්‍යාධිවේදය සම්බන්ධ රෝග හදුනාගැනීමේ පරීක්ෂණ රාශියක් සිදුකරනු ලබයි.
  • රෝගීන්ට අවශ්‍ය සත්කාර අඛණ්ඩව ලබාදීම සදහා රාතී‍්‍ර රසායනාගාර සේවාවක් මෙම අංශය තුල ක්‍රියාත්මක වේ.
  • මධ්‍යම පළාතේ රෝහල් සඳහා සිටෝ ස්කීනින් (Cyto screening) සේවාව ලබා දීම.
  • මධ්‍යම පළාතේ තෘතික යොමු කිරීමේ මධ්‍යස්ථානයක් (tertiary referral center) ලෙස ද මෙම අංශය කටයුතු කරයි.

රෝගීන්ට උපදෙස්

  • බාහිර අංශයේ රෝගීන්ගේ රුධිර සාම්පලයන් ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන් හැර අනෙකුත් දිනයන්හි පෙ.ව. 8.00 සිට පෙ.ව. 10.00 දක්වා ලබා ගැනීම සිදුකරයි. පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව එම පරීක්ෂණ වාර්තා වැඩකරන වේලාවන් වලදී රසායනාගාරයෙන් රැගෙන ලබාගත හැක.
  • මෙම අංශය මගින් රක්තවේදය පිළිබද සායනයක් සෑම අගහරුවදා සහ බ්‍රහස්පතින්දා දිනයකම පෙ.ව. 8.00 සිට ප.ව. 12.00 දක්වා පවත්වාගෙන යනු ලබයි.

 

රක්තවේදය සායනය

 

බිම් මහල – රසායනාගාර ගොඩනැගිල්ල
දුරකථන 08123880001 දිගුව 265
රක්තවේදය සායනය අගහරුවදා පෙ.ව. 8.00 සිට ප.ව.12.00 මහචාර්ය ධම්මිකා දිසානායක මිය
වෛද්‍ය එම්. රත්නායක මිය
බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 සිට ප.ව.12.00
හිමෝපීලියා සායනය බ්‍රහස්පතින්දා ප.ව. 1.30 සිට ප.ව.04.00
මයිලෝමා සායනය හා
CML සායනය
බදාදා පෙ.ව. 10.00 සිට

 

සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
නිමැවුම Enterprise Systems (Pvt) Ltd
go to top
Web Design MymensinghPremium WordPress ThemesWeb Development

Another Recent Event

January 6, 2014January 6, 2014
This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

nteger ligula ipsum, imperdiet sed iaculis

January 6, 2014
Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.