English   தமிழ்
 
+94812388261

surg

ශල්‍ය වෛද්‍ය විද්‍යාව යනු රෝගී වූ හෝ අනතුරු මගින් තුවාල වූ රෝගීන් සදහා ප්‍රතිකාර කිරීම හෝ පරීක්ෂණ කිරීම සදහා සැත්කම් හෝ නොයෙකුත් උපකරණ භාවිතා කිරීම මගින් රෝගීන්ගේ ශරීර ක්‍රියාකාරිත්වය හෝ පෙනුම යථාතත්වයට පත්කිරීමේ අංශයයි.

මෙම ඒකකය වර්ෂ 1963 දී මහනුවර ශික්ෂණ රෝහලේ දි ආරම්භ කර ඇති අතර පසුව වසර 1980 දි මෙම ඒකකය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ගෙනවිත් ඇත. ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඒකකය වර්තමාන තත්වය දක්වා දියුණු කිරීම සඳහා මහාචාර්ය ෆොන්සේකා, මහාචාර්ය එච්.එස්. කිර්තිසිංහ, වෛද්‍ය එච්.එල්.ඊටන්, වෛද්‍ය බාර්කුමර් කුලසිංහ, මහාචාර්ය ඒ.පි.ආර්. අලුවිහාරේ, මහාචාර්ය පි.සි.ඒ. රත්නතුංග, වෛද්‍ය ඒ.ජි. බුත්පිටිය සහ මහාචාර්ය එම්.ඩි. ලමාවංස යන ශල්‍ය වෛද්‍යවරුන් ඉමහත් කැපවීමෙන් කටයුතු කර ඇත.

මෙම අංශය තුල පළපුරුදු වෛද්‍යවරු රැසක් සේවය කරන අතර ඔවුන් සාමාන්‍ය ශල්‍ය විද්‍යාව, රුධිරවාහිනී සම්බන්ධ ශල්‍ය විද්‍යාව, අවයව බද්ධ කිරීම සම්බන්ධ වෛද්‍ය විද්‍යාව, මුත්‍රාවාහිනී පිළිබද ශල්‍යකර්ම, අක්මාව හා සම්බන්ධ ශල්‍යකර්ම සහ අන්ත්‍රික ශල්‍යකර්ම පිළිබදව මනා පුහුණුවක් ලබා ඇත. මෙම ඒකකය සතුව වාට්ටු අංක 1 සහ 2 ත්, ශල්‍යාගාර 3 කුත් සහ එන්ඩොස්කොපි පරික්ෂණ ඒකකයක් ඇත.

අප පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සඳහා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබද පුහුණු කිරීම් සිදු කරන අතර ශ්‍රී ලංකා පශ්චාත් උපාධි ආයතනය සමග එක්ව සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය විද්‍යාවටත්, විශේෂිත ශල්‍ය විද්‍යා අංශයක් වන රුධිවාහිනී සම්බන්ධ පස්චාත් උපාධි වෛද්‍ය විද්‍යාවන් පුහුණු කිරීම සිදුකරයි.

අපගේ සේවාවන්:

  • අප විසින් රෝග හදුනාගැනීම හා රෝග වලට ප්‍රතිකාර කිරීමේ එන්ඩොස්කොපි පරීක්ෂණ රාශියක් (අහාර මාර්ගයේ ඉහළ කොටස, අග්‍යනියාශය ආශ්‍රීත කොටස, මහ අන්ත්‍රය හා කුඩා අන්ත්‍ර කොටස්) සිදුකරනු ලබයි. වාට්ටුවල සිට ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් මෙන්ම, රෝහලේ වෙනත් වාට්ටු වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ටත්, අවට වෙනත් රෝහල් වලින් යොමු කරන රෝගීන්ටත් ප්‍රතිකාර කිරීම එන්ඩොස්කොපි ඒකකය මගින් සිදු කෙරේ.

 

  • රුධිරවාහිනී සම්බන්ධ ශල්‍යමය ප්‍රතිකාර සිදු කිරීම.

 

  • මෙම ඒකකයට ද්විතීක සහ තෘතික සේවා සපයන ඕනෑම රජයේ රෝහලකින් රෝගීන් ඇතුලත් කරගනු ලබන අතර ඉරිදා පෙ.ව. 6.00 සිට සදුදා පෙ.ව. 6.00 තෙක් මෙලෙස රෝගීන් ඇතුලත් කර ගැනීම සිදු කෙරේ.

ශල්‍ය වෛද්‍ය සායන:

පළමු මහල (OPD ගොඩනැගිල්ල ) – සායන කාමර අංක 35 B
දුරකථන 0812388001 දිගුව 236
ශල්‍ය වෛද්‍ය සායන සඳුදා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය මන්ජුල පීරිස්
අගහරුවදා පෙ.ව.08.00 – ප.ව. 12.00 මහාචාර්ය එම්.ඩි. ලමාවන්ස
වෛද්‍ය බන්දුල සමරසිංහ
බදාදා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය අරින්ද්‍ර ධර්මපාල
බ්‍රහස්පතින්දා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය කේ.බී. ගල්කැටිය
වෛද්‍ය ජීවන්ත රත්නායක
සිකුරාදා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය රසික කොටකදෙනිය
වෛද්‍ය ජනක ඒකනායක
ජනන මුත්‍රන්දීය ශල්‍ය වෛද්‍ය සායන සඳුදා පෙ.ව.08.00 – ප.ව. 12.00 වෛද්‍ය ඒ.යු.බී. පෙතියාගොඩ
වාහිණික ශල්‍ය වෛද්‍ය සායන බ්‍රහස්පතින්දා ප.ව. 01.00 – ප.ව. 04.00 වෛද්‍ය කේ.බී. ගල්කැටිය
වෛද්‍ය බන්දුල සමරසිංහ***
ගුද මාර්ගයේ රෝග පළිබඳ ශල්‍ය වෛද්‍ය සායන සිකුරාදා ප.ව. 01.00 – ප.ව. 04.00 වෛද්‍ය රසික කොටකදෙනිය
වෛද්‍ය ජනක ඒකනායක

 

සියලුම හිමිකම් ඇවිරිණි - පේරාදෙණිය ශික්ෂණ රෝහල
Ministry of National Languages and Social Integration National Language Project Foreign Affairs, Trade and Development Canada AGRITEAM Canada The Asia Foundation
නිමැවුම Enterprise Systems (Pvt) Ltd
go to top
Web Design MymensinghPremium WordPress ThemesWeb Development

Another Recent Event

January 6, 2014January 6, 2014
This is another recent which held at peradeniya teaching hospital on 05th January 2014. Please click on this news item for more details. thanks.

nteger ligula ipsum, imperdiet sed iaculis

January 6, 2014
Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo. Quisque imperdiet eu enim id placerat. Integer ligula ipsum, imperdiet sed iaculis at, volutpat quis leo.