- දවසේ ඕනෑම වෙලාවක රජයේ රෝහලකින් මාරු කර එවන රෝගීන් සහ බාහිර රෝගී අංශය හරහා අප ඒකකය වෙත රෝගීන් ඇතුලත් කර ගැනීම සිදුකරනු ලබයි.
- දරුවන් නොමැති පවුල් සදහා ප්‍රතිකාර ලබාදීම මදසරු හා ප්‍රජානන අංශය මගින් ඉටුකරනු ලැබේ. ඔවුන්ට අවශ්‍ය බොහෝ පරීක්ෂණ හා එම තත්වය පාලන කලහැකි ප්‍රතිකාර ක්‍රම (ඩිම්බ කෝෂය සිදුරු කිරීම සහ පැලෝපිය නාලය නැවත සැකසීම වැනි ) සිදුකිරීම.
- අපගේ පවුල් සංවිධාන හා උපදේශන සේවාව මගින් සෑම යුවලකටම අවශ්‍ය පවුල් සංවිධාන පහසුකම් ලබා ලබාදීම.
- එමෙන්ම ඉතා අවධානම් තත්වයන් සහිත ගර්භනී මවුවරුන්ඇතුලත් කරගෙන ඔවුන්ට මාතෘ හා ළදරු සංවර්ධන සේවාවක් ලබාදීමට අවශ්‍ය පහසුකම් ලබාදීම.
- සාමාන්‍ය ප්‍රසුත සදහා සියළු උපකරණ වලින් අනුන වූ සුතිකාගාර සේවාවක පවත්වාගෙන යාම.
- මෙම ඒකකය මගින් නාරිවේදය සම්බන්ද ඉතා සංකිර්ණ ශල්‍යකර්ම සහ නවීන මෙවලම් භාවිතයෙන් සිදුකරන ශල්‍යකර්ම (ලැපරෝස්කොපි ශල්‍යකර්ම) මගිනුත් ප්‍රතිකාර කරනු ලැබේ.
ගර්භනී මව්වරුන් දරු උපත දක්වා රැක බලා, ප්‍රතිකාර කිරීමේ අංශය ප්‍රසවවේදය ලෙස හදුන්වනු ලබයි. කාන්තා ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීමේ අංශය නාරිවේද අංශය නම් වේ.
මාතෘ හා කාන්තා සංරක්ෂණයේ ඉතා වැදගත් අංශයක් ලෙස පේරාදෙණිය මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශය සදහන් කල හැක. නවජන්ම ළදරු ඒකකය හා සම්බන්ධව ඉතා උසස් හා ගුණාත්මක මාතෘ හා නවජන්ම සෞඛ්‍ය සෑම කාන්තාවකටම ලබාදීම අප අංශයේ අරමුණවේ.
මේ සම්බන්ධව කැපවීමෙන් ක්‍රියා කරන විශේෂඥ වෛද්‍යවරු හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හා වෛද්‍ය නිලධාරින් පිරිසක්මෙම අංශයට අනුබද්ධව කටයුතු කරයි.එයට අමතරව පශ්චාත් උපාධි වෛද්‍යවරු , කාරුණික පවුල් සෞඛ්‍ය නිලධාරීන්, හෙද කාර්ය මණ්ඩලයත් සහ සුළු සේවා කාර්ය මණ්ඩලය සේවකයනුත් මෙම අංශයට සම්බන්ධව කටයුතු කරයි.
ශ්‍රී ලංකාව තුල ඉතා ජනපි‍්‍රය වෛද්‍ය පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස අප ඒකකය පිළිගැනෙන අතර සැම වසරකම උපාධි අපෙක්ෂක අපේක්ෂිකාවන් හට අවශ්‍ය වෛද්‍ය පුහුණුව ලබා දේ.
පේරාදෙණිය මහ රෝහලේ ප්‍රසව හා නාරිවේදය අංශය ප්‍රධාන වශයෙන් ඒකකය 2 කින් සමන්විත වේ. එනම් මහාචාර්ය ඒකකය (වාට්ටු අංක 3, 10 හා 11) හා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂඥ වෛද්‍යවරයෙක් පත්කර ඇති ප්‍රසව හා නාරිවේදය ඒකකය(වාට්ටු අංක 18 හා 19).
අපගේ සේවාවන්
වෛද්‍ය සායන:
පූර්ව ප්‍රසව සායන
පළමු මහල (OPD ගොඩනැගිල්ල ) – සායන කාමර අංක 03 දුරකථන 0812388001 දිගුව 241 |
|||
---|---|---|---|
පූර්ව ප්‍රසව සායන | සඳුදා | පෙ.ව.07.00 – ප.ව. 12.00 | වෛද්‍ය එස්.කේ. රණරාජා |
අගහරුවදා | පෙ.ව.07.00 – ප.ව. 12.00 | වෛද්‍ය එස්. ඒ. කරුණානන්ද | |
බදාදා | ප.ව. 12.00 – ප.ව. 04.00 | වෛද්‍ය චතුර රත්නායක | |
බ්‍රහස්පතින්දා | ප.ව. 12.00 – ප.ව. 04.00 | මහාචාර්ය කපිල ගුණවර්ධන | |
සිකුරාදා | පෙ.ව.07.00 – ප.ව. 12.00 | වෛද්‍ය එරන්දි සමරකෝන් මිය | |
සෙනසුරාදා | පෙ.ව.07.00 – ප.ව. 12.00 | වෛද්‍ය චමින්ද කණ්ඩුල |
නාරිවේද සායන
පළමු මහල (OPD ගොඩනැගිල්ල ) – සායන කාමර අංක 03 දුරකථන 0812388001 දිගුව 241 |
|||
---|---|---|---|
නාරිවේද සායන | සඳුදා | ප.ව. 12.00 – ප.ව. 04.00 | වෛද්‍ය එස්.කේ. රණරාජා |
අගහරුවදා | ප.ව. 12.00 – ප.ව. 04.00 | මහාචාර්ය කපිල ගුණවර්ධන | |
බදාදා | පෙ.ව. 07.00 – ප.ව. 12.00 | වෛද්‍ය එස්.ඒ. කරුණානන්ද | |
බ්‍රහස්පතින්දා | පෙ.ව. 07.00 – ප.ව. 12.00 | වෛද්‍ය චතුර රත්නායක | |
සිකුරාදා | පෙ.ව. 08.00 – ප.ව. 12.00 | වෛද්‍ය එරන්දි සමරකෝන් මිය | |
ප.ව. 12.00 – ප.ව. 04.00 | වෛද්‍ය චමින්ද කණ්ඩුල | ||
පවුල් සැලසුම් සායන | සඳුදා සිට සිකුරාදා දක්වා | පෙ.ව. 08.00 – ප.ව. 12.00 | දිනට අදාල වි. වෛද්‍යවරයා |
* අඩු සඵලතා සහිත සායනය
නිමැවුම Enterprise Systems (Pvt) Ltd